Anda di halaman 1dari 2

 

ජීවිතයම ආලෝකමත් කරන අවංකබව


අපේ ජීවිතය ජව සම්පන්න දෙයක් බවට පත්වෙන්නේ අවංකභාවය උපදවාගැනීමෙන්. අපේ
ජීවිතයේ සැබෑ ස්වභාවය කල්පනා කරන්න කරන්න අවංකබව ඉපදෙනව. සසර ස්වභාවය
කල්පනා කරන්න කරන්න අවංකබව ඉපදෙනව. දුක්ඛ ආර්ය සත්‍යය ගැන කල්පනා කරන්න
කරන්න අවංකබව ඉපදෙනව.

එනිසා අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය සිහිකරන්න. වයසටයාම ගැන සිහිකරන්න, ලෙඩවීම
ගැන සිහිකරන්න, මරණයට පත්වීම ගැන සිහිකරන්න, ප්‍රියයන්ගෙන් වෙන්වීම ගැන
සිහිකරන්න, අපි‍්‍රයන් සමඟ එකතුවෙන්න සිද්ධවීම ගැන සිහිකරන්න, කැමති දේ නොලැබීම
ගැන සිහිකරන්න.

ඒ විදිහට දුකට අයිති දේවල් ගැන සිහිකරන්න. දුකට අයිති දේවල් ගැන සිහිකරන්න
කරන්න හිස් අදහස් බැහැරවෙලා යනව. හිස් අදහස් තියෙනතාක් අවංකබවක් උපදින්නෙ නෑ.
අවංකබවයි, හිස් අදහසුයි එකට පවතින්නෙ නෑ. අවංකබව කියල කියන්නේ පිරුණු බවක්.
පිරුණු බවක් උපදවන්ට තියෙන දෙයක්.

අවංකබවට පත්වීමෙන් ම මනුෂ්‍යයෙක් පිරෙන්ට පටන්ගන්නව. හිස් අදහස් බැහැරවෙනව.


ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම්ගැනීමෙන් අවංකබව උපදිනව. එයා පිරුණු මිනිහෙක් වෙන්ට
පටන්ගන්නව. "අපි වයසට යනවා" කියල දන්නෙ නැත්නම්, ඒ වයසටයාම දුකයි කියල
දන්නෙ නැත්නම්, එයා හිස් මනුෂ්‍යයෙක්.

තමන්ගෙ ශරීරය වයසට යනව ඒක දුක් සහිතයි. "ඒකෙන් මම නිදහස් නෑ" කියල කල්පනා
කරනකෙනා, ඒ වගේ ම වයසට යන ස්වභාවයෙන් යුතු තව එකකට කැමති වෙයිද? කැමති
වෙන්නෙ නෑ.

තමන් වයසට යනවා කියල දන්නෙ නැත්නම්, ඒ වයසට යාම දුක් සහිතයි කියල දන්නෙ
නැත්නම් එයා ඒ වයසට යන දුක් උපදවන තමන්ගෙ ශරීරයටත් ආස කරනව. ඒ වගේම වයසට
දුක් උපදවන අනිත් ශරීරවලටත් ආසකරනව. එතකොට එයා ලාමක දේකට කැමතිද නැද්ද?
කැමතියි. ඒ ලාමක දේට කැමතිවුනේ කොහොම කෙනාද? අත්ත ඇති සැටියෙන් නොදන්නා
කෙනා.

ඇත්ත ඇති සැටියෙන් දන්නකෙනා ඇත්ත ඇතිසැටියෙන් ම කල්පනා කරනව. ඒ තමයි


අවංකබව කියන්නෙ. ඇත්ත ඇතිසැටියෙන් නොදන්න කෙනා ඇත්ත ඇතිසැටියෙන් කල්පනා
කරන්නෙ නෑ. අන්න එයාට අවංකභාවය නෑ. අවංකභාවය නැති තැන ඇත්ත නෙවෙයි එයා
කල්පනා කරන්නෙ. ඇත්ත නොවෙන දෙයක්. තමා ලස්සනයි, තමා හැඩ වැඩයි තමා තරුණයි
කියල තමා ගැන තමාට කල්පනාවක් ඇතිවෙනව.

මේ ආදී වශයෙන් ඇත්ත නොවෙන දෙයක් තමාට කල්පනාවෙනව. අන්න එයා ඒ වගේම
බාහිර දේටත් ආස කරනව. බාහිර දේටත් ආස කරනව තමගේ කියන දේටත් ආස කරනව.
රේස් එකට අකමැති, කම්මැලි අස්සයාට කස පහර වදයක් මයි. නමුත් රේස් එකට කැමති
වීරියවන්ත ජව සම්පන්න අස්සයාට කස පහර වදින්නෙ නෑනෙ. එයාට කසය වීරිය උපදවන
දෙයක්. ඒ අස්වයා රේස එක දුවනව, දිනනව.
ඒ නිසා ඔබ කවුරුත් කල්පනා කරන්න, ඔබේ ජීවිතය ජව සම්පන්න දෙයක් බවට
පත්වෙන්නේ අවංකභාවය උපදවගැනීමෙන්. අවංකභාවය උපදවගත්ත කෙනාට ඒ
ජවසම්පන්න අශ්වයාට තරඟය දිනන්ට, ජවය උපදවගන්ට උපකාර ලැබෙන්නේ යම් සේද, ඒ
වගේම උපකාර ලැබෙනව. එතකොට ඒ ලැබෙන උපකාර සියල්ලක් එයාට මිහිරි දේවල් බවට
පත්වෙනව. ඒ නිසා අවංකභාවය ඇතිකරගන්ට අපේ ජීවිතයේ ස්වභාවය කල්පනා කරන්න.

අපේ ජීවිතයේ ඇත්ත ඇතිසැටියෙන් සිතන්ට ලොකු හයියක් ඕනැ, ලොකු හැකියාවක් ඕනැ. ඒ
හැකියාව තමයි අවංකබව කියල කියන්නෙ. අපි වයසට යනවා, ඒ වයසට යාම දුක් සහිතයි
කියල හිතන්ට කෙනෙකුට ලේසියෙන් බෑ. කැමති නෑ. ඒ කැමැත්ත ඉපදෙන්නේ අවංකබවත්
එක්ක.

අපි සියලු දෙනාට ම සෙත් පතනව තමන්ගෙ ජීවිතය මුළුමනින් ම ආලෝකමත් දෙයක් බවට
පත්කරන මුළුමනින් ම දුකෙන් නිදහස්කරගෙන සුවපත්බවට පත්කරගැනීම පිණිස උපකාරවන
අවංකබව උපදවාගැනීම පිණිස සියලු දෙනාටම දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

පින්වත් නාවලපිටියේ අරියවංශහිමිපාණන් විසිනි.


------------------------------

webmana...@lakehouse.lk

--

Stream*of*Dhamma
*සකල සතට සෙත සුවය සදන්නට තුනුරුවනේ සරණම වේවා!

Anda mungkin juga menyukai